විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්!

October 28, 2023

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත.

ඒ අනුව 0094711 757 536 / 0094711 466 585 යන දුරකථන අංකයට ඇමතුම් ලබාගැනීමට හැකි අතර අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි බවද සදහන් කරයි.

තවද මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකි බවත් මැද පෙරදිග සිටි ලාංකිකයින් අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසටද සදහන් කරයි.

නිරන්තරයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ පලස්තීනයේ රමල්ලා හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ධූත මණ්ඩල සාමාජිකයින් සමග සම්බන්ධතා පවත්වන ලෙසටද එම නිවේදනයෙන් තවදුරටත් සදහන් කරයි.

t

o

p