වප් පුර පසළොස්වක පොහොය අදයි

October 28, 2023

සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙසද හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්ස පුරයට වැඩම කර යමා මහ පෙළහර පාමින් වැඩ සිටීම, අගසව් සැරියුත් හිමියන් ප්‍රඥාලාභි භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතු බුදු වීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම සිදු වූයේ අද වන් වප් පුර පසළොස්වක් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

t

o

p