වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවලට ගැසට් නිවේදනයක්

October 28, 2023

කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ සහ එහි සිට තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දක්වා ඇත්තේ තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන පුද්ගලයන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක අවම ආයෝජනයක් සිදු කළ යුතු බවයි.

එම තැනැත්තාට තීරු බදු රහිත වෙළඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ඇති බවට සහ සුඛෝපභෝගී ඉහළ නැමියාවක සන්නාම නාමලත් සිල්ලර නිෂ්පාදන සමූහයකට ප්‍රවේශය ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත්වන පරිදි කරුණු පැහැදිළි කිරීම ද කළ යුතු වෙයි.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන අය ඇමරිකානු ඩොලර් මිලියන 7ක අවම ආයෝජනයක් සිදු කළ යුතු වන බවයි අදාළ ගැසට් නිවේදනය දැක්වෙයි.

t

o

p