කෝපා කමිටුවට වසර 100යි

October 17, 2023

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝපා’ කමිටුව ස්ථාපිත කර අද (17) දිනට වසර 100ක් සපිරෙයි.

ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද (17) පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකෙයි.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත කර ඇති අතර,ඊ.ආර්. තම්බිමුත්තු මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝබර් 05 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පිහිටුවනු ලදි.

1923 සැප්තැම්බර් 05 වැනි දින කාරක සභාවක් පත්කර මෙහි පළමු රැස්වීම 1923 ඔක්තෝබර් 17 වැනි දින පවත්වා තිබේ.

කෙසේ වෙතත් පූර්ණ බලතල සහිත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවක් පිහිටවුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 යටතේ 1948 වර්ෂයේදීයි.

ආරම්භයේ සිට මේ දක්වා සභාපතිවරු 33 දෙනෙක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහෙයවා ඇති අතර, වර්තමානයේ සභාපති ධුරය හොබවන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

වර්තමානයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 31 ක්.

රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමෙහිලා සහය වීමෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

t

o

p