ඔක්තෝබර් (17) වනදා සිට (20)දක්වා තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

October 16, 2023

ඔක්තෝබර් (17) වනදා සිට (20) වනදා දක්වා තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම දිනවල දිවයිනේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසද ජනතාවට දැනුම්දීමක් කරයි.

t

o

p