පලස්තීන ෆේස්බුක් පුවත් පිටුවක් Meta සමාගම මකා දමයි

October 15, 2023

පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Networkහි ෆේස්බුක් ගිණුම මකා දැමීමට මෙටා සමාගම කටයුතු කර තිබේ.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන කුරීරු යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීම ඊට හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් Quds News Network සිය X සමාජ මාධ්‍යයෙහි සටහනක් ද තැබීමට කටයුතු කර ඇත.

ඒ අනුව Quds News Network හි අරාබි සහ ඉංග්‍රීසි ෆේස්බුක් පිටු ඉවත් කර ඇති බව සඳහන්ය. Facebook පිටුව සමඟ අනුගාමිකයන් මිලියන 10ක් පමණ එක්ව සිටි තිබේ.

t

o

p