නීති විරෝධීව විවිධ අලංකරණ උපාංග සවිකර තිබූ බස් වලට වැඩ වරදී

October 3, 2023

නීති විරෝධීව විවිධ අලංකරණ උපාංග හා විදුලි ආලෝකධාරා සවිකර තිබූ විශේෂ චාරිකා බස්රථ ඇතුළු බස්රථ 28 එරෙහිව තහනම් නියෝග නිකුත් කළ බව රථවාහන මූලස්ථානය ප්‍රකාශ කරයි.

බස්රථ පනහකට අධික ප්‍රමාණයක් පොලොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ දී විවිධ ආලෝක ධාරා දල්වමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන අයුරු දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල සංසරණය විය.

මෙම විඩියේව නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් රථවාහන මූලස්ථානය එම බස් රථ වල හිමිකරුවන් සහ රියදුරන් කොළඹට කැඳවා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බවයි රථ වාහන මූලස්ථානය සදහන් කරයි.

t

o

p