වෛද්‍යවරුන් රට හැර යද්දී පිටරට වෛද්‍යවරු වලස්මුල්ල රෝහල අගැයීමට ලක්කරති

October 3, 2023

අපේ වෛද්‍යවරු වැඩි කාසි සොයා පිටරට යද්දී පිටරටින් පැමිණි වෛද්‍යවරු අපේ රෝහල්වල කාර්යයන් ඇගැයීමට ලක්කරන්නේ නම් එය සුවිශේෂී අවස්ථාවකි. එවන් විශේෂ අවස්ථාවක් පසුගියදා වලස්මුල්ල මූලික රෝහලේදී දැකගත හැකිවිය.

රට හැර නොගොස් රට වෙනුවෙන් කැපවන වෛද්‍යවරුන් කණ්ඩායමක් හා ඊටම කැපවූ කාර්ය මණ්ඩලයක් සමඟ ගුණාත්මක හා ප්‍රශංසනීය සේවාවක් ජනතාව වෙනුවෙන් කරනා වලස්මුල්ල මූලික රෝහල මෙලෙස ඇගැයීමට ලක්වූවේ ලෝක බැංකුව විසින් මානව ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ පාකිස්තානු වෛද්‍යවරු පිරිසක් සහ ලෝක බැංකු නියෝජිතයින් පිරිසක් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදීය.

රෝහලේ වෛද්‍ය අධිකාරී, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටු කරනා සේවාව එලෙස ඇගැයීමට ලක්වූ අතර එහිදී රෝහලේ බාහිර රෝගී අංශය, දැඩි සත්කාර ඒකකය, සූතිකාගාර, ළමා වාට්ටු හා ශල්‍යාගාර ආදී විවිධ අංශ පාකිස්තානු වෛද්‍යවරුන්ගේ සහ ලෝක බැංකු නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර රෝහල විසින් මහජනතාවට සිදුකරන සේවාවන් හා විධිමත් කළමනාකාරිත්වය පිළිබඳව දැඩි ප්‍රශංසාව සහ ඇගයීමක් හිමිවන බව පාකිස්තානු වෛද්‍යවරයකු වන වෛද්‍ය ඉර්ෂාද් අහමඩ් මහතා පැවසුවේය.

t

o

p