ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හම්බන්තොටින්

October 2, 2023

අද (02)උදෑසන 5 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර 172 ක් හම්බන්තොටින් වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර , කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතී.

කළු ගඟ පුටුපවුල ප්‍රදේශයෙන් පවතින්නේ ද සුළු ගංවතුර මට්ටමේ බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබේ.

නිල්වලා ගඟ, පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේ ය.

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 08කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

එම දිස්ත්‍රික්ක වන්නේ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, මාතලේ හා හම්බන්තොටයි.

t

o

p