කාලගුණයේ බලපෑමෙන් පවුල් පන්දහසකට අධික පිරිසක් පීඩාවට

October 1, 2023

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 03ක පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත් ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, පවුල් 1275කට අයත් පුද්ගලයන් 5051 දෙනෙකු මෙලෙස පීඩාවට පත් ව ඇති බව සඳහන්.

රත්නපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්වලට, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වෙයි.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළුගඟ, ගිංගඟ සහ නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, වර්ෂාපතන තත්ත්වය තවදුරටත් පවතින බැවින් දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙේ.

t

o

p