චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ

October 1, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදි කළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අද සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා.

දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගණය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙසටයි නම්කර ඇත්තේ.

t

o

p