ටොනේඩෝ තත්ත්වයක්.. කාලගුණයෙන් දැනුම්දීමක්

September 23, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඊයේ (22) දින පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධික වර්ෂාව සහ සුළං තත්ත්වයත් සමග බම්බලපිටියට නුදුරු මුහුදු ප්‍රදේශයේදී ටොනේඩෝ වැනි තත්ත්වයක් ගොඩබිම දෙසට ගමන් කරන අයුරු දක්නට ලැබුණු බවයි.

මෙහිදී මුහුදු ජලය ඉහළට ඇදගැනීම සිදුවන අතර ගොඩබිම සිදුවන ටොනේඩෝවට සමාන ක්‍රියාවක් එහිදී සිදුවන බවත් එය දියගොබ වලාවක් ලෙස හඳුන්වන අතර එය මුහුදේ සිට ගොඩබිමට පැමිණීමේදී ක්‍රමයෙන් නැතිවී ගිය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කැටි වැහි වලාකුළක එක්තරා විශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වන අතර මෙම වලාකුළේ තිබෙනවා උඩු සුළං සහ යටි සුළං ධාරාවක් භ්‍රමණ චලිතයක් සිදු කරන බවත් ඒ ආකාරයෙන් මෙම පද්ධතිය ක්‍රමයෙන් ගමන් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කරයි.

වැහි වලාකුළක ඇතුළත අඩුපීඩන තත්ත්වයක් තිබෙන බවත් ඒ හේතුවෙන් මේ දියගොබ වලාවේ ටේල් එක ස්පර්ශ කරන හැම තැනකදීම එම පද්ධතියේ තිබෙන දේවල් ඉහළට ඇදලා ගන්න බවද අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කරයි.

t

o

p