ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වැනි වරට සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – 2023’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදී ආරම්භ විය.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වූ අතර, ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස අමෙරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලයාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස්දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමක් ද මෙහිදී අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.