ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කථානායකවරුන් අතර හමුවක්

September 20, 2023

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කථානායක ආචාර්ය ශිරින් ෂර්මින් චෞද්රි (Shirin Sharmin Chaudhury) මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවී තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් ද එක්විය.

කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැවති ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවීම පිළිබඳව බංග්ලාදේශ කථානායකවරිය මෙහිදී තම ප්‍රසාදය පළ කරනලදි.

2024 වසරේ මුලදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දෙරට අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන බවයි ඇය ප්‍රකාශ කරයි.

එමෙන්ම, බංග්ලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බංග්ලාදේශ කථානායකවරිය මෙහිදී ආරාධනා කර තිබේ.

එයට අමතරව, දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය, සෞඛ්‍ය සේවාව, කර්මාන්ත ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, ආයෝජන සහ අපනයන වැනි කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විය.

මෙම හමුවීමෙන් අනතුරුව බංග්ලාදේශ කථානායක ආචාර්ය ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන් සඳහා වූ සටහන් පොතේ හි අත්සන් තැබීම ද සිදු කරන ලදි.

t

o

p