උසස් පෙළ විභාගය කල් දැමීමට යෝජනාවක්

September 20, 2023

මෙවර උසස් පෙළ විභාගය කල්දමන්නේද නැද්ද යන්න පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා ළඟදීම තොරතුරු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. 

උසස් පෙළ විභාග ලබන වසරේ ජනවාරි මාසයට කල් දැමීමට යෝජනා කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් කරන ලද යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකරනලදි. 

උසස් පෙළ විභාගය ජනවාරි 22 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමටයි පාර්ලිමේන්තු මන්ත්‍රිනිය යෝජනා කළේ. 

උසස් පෙළ ප්‍රතිඵල ලබන වසරේ මැයි මාසය වන විට නිකුත් කළ හැකි බවත්, ලබන වසරේ උසස් පෙළ විභාග සාමාන්‍ය පරිදි ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට හැකි බවත් ඇය සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රිනි කවිරත්නට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනාවේ සුදුසුකම් පිළිගත් නමුත් අවසාන තීරණය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බව අවධාරණය කරනලදි. 

ඒ පිළිබඳව කඩිනමින් ප්‍රකාශයක් කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටීමට අදහස් කරන බව ඔහු ප්‍රකාශ කරයි.

t

o

p