ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 900ක්

September 11, 2023

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසයේ දී අද (11) වන විට ඩෙංගු රෝගීන් 960 ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා රෝගීන් 62,838 ක් වාර්තා වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණද පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ මදුරු ගහණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

10,000ට ආසන්න වැඩිම රෝගීන් සංඛ්‍යාව මැයි මාසයේදී වාර්තා වී ඇති අතර පසුගිය මාසයේදී රෝගීන් 5,189 ක් වාර්තා වී තිබේ.

විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කියා සිටියේ වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ මදුරු ගහනය ද ඉහළ යා හැකි බැවින් ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා අනතුරු අඟවයි.

t

o

p