වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සිය ආදායම් වැඩි කර ගැනීමට අලුතින් පාරිසරික උද්‍යාන ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල, ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම් කර නැති සිංහරාජ වනාන්තරය, කන්නෙළිය රක්ෂිතය, උඩවත්ත කැලේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිත ද පාරිසරික උද්‍යාන ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
එවිට එම රක්ෂිත වනාන්තර වෙත ද ගොස් පරිසර සුන්දරත්වය විඳීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ සැලසෙනු ඇත.
ඉදිරි වර්ෂය තුළ සිය ආදායම වැඩිකර ගැනීමට බුන්දල, නකල්ස් හා සිංහරාජ ජෛවගෝල රක්ෂිත මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ සොබාදහම පදනම් කරගත් සංචාරක සැලසුම් සකස් කර තිබේ.