ව්‍යාජ ස්ටිකර් ඇලවූ මධ්‍යසාර බෝතල් වල දඩය රුපියල් පන්කෝටි විසි ලක්ෂයයි

September 7, 2023

දැනට අත්අඩංගුවට ගෙන ඇති මධ්‍යසාර බෝතල් 43,776ක ව්‍යාජ ස්ටිකර් අලවා ඇති බව තහවුරු වී ඇති බවත් සෙසු බෝතල් හඳුනා ගැනීම සඳහා තව දුරටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වරදකාර සමාගම් වෙත රුපියල් පන්කෝටි විිසි ලක්ෂයක දඩ මුදල් නියම කර ඇති බවයි. ඒවා අද දහවල් වන විට ගෙවා දැමීමට නියම කර ඇති බවත් ඊට අසමත් වන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් නීතිමයි පියවර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

මේ අතර මහජන විරෝධතා හේතුවෙන් මධ්‍යසාර අලෙවි ස්ථානයක බලපත්‍රයක් අහෝසි කළ හැක්කේ සුරා බදු නිවේදන අංක 902 ප්‍රකාරව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් එහි පවතින නිර්ණායක කාලීන නොවේ නම් ඒවා යාවත්කාලීන කිරීමට සූදානම් බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය .

t

o

p