2022 උ/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

September 4, 2023

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව www.doenets.lk යන වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය.

මෙම විභාගය පසුගිය පෙබරවාරි මස 17 වැනිදා අවසන් විය.

කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියේ දී පැවති ගැටලු හේතුවෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැයි මස 20 වැනිදාය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

t

o

p