අදත් දිවයිනට ගිගුරුම් සහිත වැසි

September 4, 2023

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු – මැද පළාත්වලත් විටින විට තද සුළං ඇති විය හැකිය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව අනතුරු අඟවයි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සක් සඳහා නායයාම් පිළිබඳව පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් කර තිබේ.

බුලත්සිංහල, ඉංගිරිය, වරකාපොළ, රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට ප්‍රාදේ‍්ශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳව විමසිලිමත් වීමේ දෙවන අදියරේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. මෙම පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් අද (04) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය, වෙරළුගස්හින්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්තිවාරම් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (03) මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

t

o

p