කුකුළේ ගඟ වාන් දොරටු විවෘත කෙරේ

September 3, 2023

පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුන අද (03) පෙරවරුවේ විවෘත කර තිබේ.

විදුලි උත්පාදනයේ දී පිටකරන ජල පරිමාව ද සමඟ තත්පරයට ඝන මීටර් 80ක ජල පරිමාවක් ජලාශයෙන් මුදාහරින බව වාර්තා වේ.

ඒ, අනුව කුඩා ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් කුඩා ගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

t

o

p