ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

August 25, 2023

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු  මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය.

එසේ අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව, එම මත්පැන් අලෙවි කළ වෙළඳසැල් පිළිබඳව හා වැරදිකරුවන්ට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුලත් වාර්තාවක් (31) දිනට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් සුරාබදු දෙපාර්ත‍මේන්තුවට උපදෙස් ලබා දෙන ලදි.

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ආයතනවල බලපත්‍ර සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අවලංගු කිරීමෙන් මෙවැනි වංචනික ක්‍රියා නැවැත්විය හැකි බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනලදි.

t

o

p