චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට පා තබයි

August 24, 2023

චන්ද්‍රයාන් 3 යානය සඳ මතට සාර්ථකව ගොඩ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්දීය වෙලාවෙන් ඊයේ(24) සවස 06.04ට සඳ මතට ගොඩ බැස තිබෙනවා.
සඳේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවට අවස්ථාව උදා වී ඇත.

චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීම ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

එමෙන්ම සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

t

o

p