කාලගුණයෙන් ජනතාවට අනතුරු ඇගවීමක්

August 22, 2023

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවලට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

t

o

p