පසුගිය ජුලි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය සියයට 4.6%ක් දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද පසුගිය ජුනි මාසයේදී ලංකාවේ උද්ධමනය සඳහන් වූයේ සියයට 10.8%ක් ලෙස වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනයද සියයට -2.5% දක්වා පහළ වැටී ඇත.