නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද ජාතික පද්ධතියට

August 15, 2023

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද සවස සිදු කිරීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, රාත්‍රී 8.00 ට පමණ විදුලි ජනක යන්ත්‍රය විදුලිබල පද්ධතියට එක් කරන බවයි.

පසුගිය අගෝස්තු 8 වැනිදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනෙන් එකක් තවත් බිඳවැටීමකට ලක් වූ අතර නියඟය හේතුවෙන් රට තුළ විදුලිය උත්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවක විදුලිය උත්පාදනයට තවදුරටත් බලපෑම් එල්ල විය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම බිඳවැටීම හේතුවෙන් බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මක වන අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වන බවයි.

t

o

p