උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශය විවෘත කෙරේ

August 15, 2023

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඊයේ (13) සිදුකෙරිණි.

උමාඔය බහුකාර්ය්‍ සංවර්ධන ව්‍යපෘතියට ජලය සපයන ඩයරබා ජලාශයට පිවිසෙන මාර්ගය සහ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වාරිමාර්ග සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් විවෘතකරන ලදි.

මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන්ට පානීය ජලය සහ කෘෂිකර්මයට අවශ්‍ය ජලය ලබාදෙන අතර උමාඔය හරහා අලිකොටේආර,කුඩාඔය ජලාශ වලට ජලය ලබාදී පහළ ඌව ප්‍රදේශයේ කුඩා වැව් 100 ජලයෙන් පුරවනු ලබයි.

ඒ තුළින් කුඹුරු අක්කර 15000කට යල මහ දෙකන්නයේ ජලය සැපයෙන අතර වැල්ලවාය කිරිඳිඔය මිටියාවත් වල පදිංචි පවුල් සඳහා පානීය ජලය ලබාදීමටද නියමිතය.

උමාඔය ව්‍යාපෘතිය තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර පවතින විදුලිබල අර්බුදයටද විශාල පිටුවහලක් වේ.

t

o

p