ජලාශ රැසක ජල මට්ටම පහතට

August 4, 2023

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවීමේ අවදානමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ඌව පළාතේ වැව් හා වාරි මාර්ගවලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගගේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී පතුල පෑදෙමින් ඇත. මේ වනවිට යල කන්නයේ ගොවිතැන්වලට ද නියඟය දැඩි ලෙස බලපා ඇතැයි ගොවීහු පවසති.

පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා සමනලවැව ජලාශයේ ජල මට්ටම මේ වනවිට 14% දක්වාද උඩවලව ජලාශයේ ජල මට්ටම 2% දක්වාද පහළ බැස ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් බලධාරීන්ට දැනුම් දී තිබේ.

t

o

p