පින්නවලට ‘Pinnawala Night Market’ කලාපයක්

August 2, 2023

දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමේ අරමුණින් සබරගමු පළාත් සභාව මඟින් රඹුක්කන පින්නවල සංස්කෘතික කලාපයක් බවට පත්කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෑම මසකම අවසන් සති අන්තයේ දින දෙකක් පුරා මෙම සංස්කෘතික කලාපය ක්‍රියාවට නංවා ඇත.

ඒ යටතේ වෙස් නැටුම්, සොකරි, ගිනි සිසිල, සළු පාලිය, අංගම්පොර වැනි සංස්කෘතික අංග රැසක් පැවැත්වෙන අතර, ස්ට්‍රීට් ෆුඩ් (Street Food) කෘෂි නිෂ්පාදන, දේශීය අත්කම් භාණ්ඩ හා රෙදිපිළි අලෙවි හා ප්‍රදර්ශන මධ්‍යස්ථාන ද මෙම දෙදින තුළ විවෘත කිරීමට පියවර ගෙන ඇත. මෙය Pinnawala Night Market ලෙස නම් කර ඇත.

t

o

p