ජංගම දුරකථන ලබාදීමෙන් දරුවන් අනතුරේ

August 2, 2023

පාසල තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිතා කිරීමෙන් පාසල් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.

පාසල් තුළ දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනේස්කො සංවිධානය විසින් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් දරුවන් ඇබ්බැහිවීම සහ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබද අවධානය යොමුකරමින් බවද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සදහන් කරයි.

කොවිඩ් වසන්ගතයත් සමග පාසල් තුළ දුරකථන, ටැබ් වර්ග සහ ඩිජිටල් උපාංග භාවිතය වැඩි වු බවත් එමගින් දරුවෝ ප්‍රායෝගික ජීවිතයෙන් අයින් වෙලා අනිත් දරුවොත් එක්ක ගැටෙන කාලය අඩු වු බවත් එමගින් පොත පත පාඩම් කරන කාලය අඩු බවද වෛද්‍ය රූමි රූබන් සදහන් කරයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් තවදුරටත් සදහන් කළේ,

“කොවිඩ් වසන්ගතයත් එකක්ක අපි දැක්කා. පාසල් තුළ දුරකථන භාවිතය ඒ වගේම පාසලින් ගිහිල්ලා දුරකථන භාවිතය ඒ වගේම විවිධ ටැබ් වර්ග සහ වෙනත් ඩිජිටල් උපාංග පාසල් දරුවෝ තුළ වැඩිවුණා. දරුවෝ ප්‍රායෝගික ජීවිතයෙන් අයින් වෙලා අනිත් දරුවොත් එක්ක ගැටෙන කාලය අඩුයි. ඒ වගේම පොත පත පාඩම් කරන කාලය අඩුයි.

ඒ වගේම ගුරුවරු සමග ගැටෙන කාලය අඩුයි. තිරයක් මත ජීවිතයේ කාලය ගතකිරීම නිසා ඔවුන් මේ තිරය මත ගතකරන කාලය වැඩිවීම තුළින් ම ඒවාට ඇබ්බැහි වීමේ හැකියාවකුත් තියෙනවා. මෙන්න මේකත් බලපානවා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට. ඒ වගේම ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනයට අහිතකර විදියට මේ තත්ත්වය බලපාන්නත් පුළුවන්.”

t

o

p