ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

August 1, 2023

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රු. 375කි.සුපිරි ඩීසල් ලීටරයක් රු :12 කින් ඉහළට දමා ඇති. රුපියල් 358 ලෙස එහි නව මිල තීරණය වේ.

නව සංශෝධනයන්ට අනුව ඩීසල් මිල පහළ දමා ඇත්තේ රුපියල් 2 කිනි. එහි නව මිල 306 කි.භූමිතෙල් ලීටරයක් සඳහා පනවා තිබූ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පහළ දමා ඇත. එහි නව මිල 226 ලෙස තීරණය වනු ඇත.

t

o

p