ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

August 1, 2023

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.

භික්ෂූන් වහන්සේ වස් වැසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයකි.

තුසිත දෙව්ලොව දෙව් සැප විඳිමින් සිටි බෝසතුන්ට බුදු වී ලෝවැඩ සලසන්නැයි දෙවියන් කළ ආරාධනය පිළිගෙන සුදොවුන් රජ මෙහෙසිය වූ මහමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීයි.

ගිහිගෙයින් අභිනිෂ්ක්‍රමණය, සහ බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සුත්‍රය පස්වග තවුසන්ට දේශනා කිරීම, පළමු ධර්ම සංගායනාව ද ඇසළ පුර පසළොස්වක පෙහෝ දින සිදු වූ වැදගත් සිදුවීම් ය.

උපසපන් භික්ෂූන් වහන්සේ මේ පොහොය දිනයේ වස් කාලය ආරම්භ කරන අතර ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් වී ඇත්තේ ද ඇසළ පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

t

o

p