ගාලුමුවදොර වෙළෙඳුන් නියාමනයට පියවර

July 31, 2023

ගාලුමුවදොර ආහාර වෙළෙඳුන් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි. 

එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සඳහන් කළේ, ආහාර අපිරිසිදු බවට නිරන්තරයෙන් ජනතා පැමිණිලි ලැබෙන බවයි. 

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලුමුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඒ මහතා සඳහන් කරයි. 

එමෙන්ම ඒ ආශ්‍රිතව කළ වැටලීම් වලදී වෙළෙඳසැල් 4 කට එරෙහිව නඩු පැවරූ බව ඔහු කියා සිටියි. 

මේ අතර හෙට දිනයේ (31) ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් වෙනුවෙන් කොළඹ නව නගර ශාලාවේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි. 

එහිදී වෙළෙඳුන් සඳහා සහතිකයක් ද නිකුත් කරන බව අනුර අබේරත්න මහතා සඳහන් කරයි.

t

o

p