ප්‍රංශයේ විශිෂ්ඨතම පාන් නිෂ්පාදකයා දිවයිනට

July 29, 2023

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ” බැගට් “( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාළයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

යාපනය , තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු දෙදෙනා සහ බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සති තුනක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ දර්ශන් සෙල්වරාජ් මහතා , මම 2016 වසරේ දී ප්‍රංශයට ගියා. මම යනකොට මම ප්‍රංශ භාෂාව දන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි බේකරි වැඩ කටයුතු දන්නෙත් නැහැ . ඒත් මම ප්‍රංශයේ පැරිස් නුවර ” au Levain Des Pyrenees ” බේකරියේ වැඩට ගියා.

එහි අයිතිකරු ඉතා සුහදශීලී පුද්ගලයෙක් . ඔහු මට ප්‍රංශ භාෂාව මෙන්ම බේකරි කර්මාන්තයත් හොදට ඉගැන්වූවා .දැන් ඔහුගේ වයස අවුරුදු 70 ක්.

ඒ බේකරිය මීට වසර 03 කට පෙර මම මිළ දී ගත්තා .ප්‍රංශයේ පැරිස් නුවර , රජයේ ලියාපදිංචි බේකරි නිෂ්පාදකයන් 1,300 ක් සිටිනවා . ඔවුන් සමග තරග කර මෙම 2023 වසරේ අති විශිෂ්ඨතම ප්‍රංශ “බැගට්” පාන් නිෂ්පාදකවරයා ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා . ඒ නිසාම මෙම වසරක කාළයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයාගේ මන්දිරයට ” බැගට් ” පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැපයීමේ වගකීම මා වෙත පැවරී තිබෙනවා . යැයි ද පැවසීය.

දර්ශන් සෙල්වරාජ්ගේ මෙම ජයග්‍රහණ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමග ඩුරුවි ගුණසේකර ( Druvi Gunasekara ) මහත්මිය ඔහු හමු වීමට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගොස් , ඔහු දිරිමත් කර , මෙම ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමට ද කටයුතු කර තිබුණි.

t

o

p