ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා අද දිවයිනට

July 28, 2023

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා, දෙදින නිල සංචාරයක් සඳහා අද (28)දිවයිනට පැමිණෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා යන මහත්වරුන් ද ඊට ඇතුළත් ය.

t

o

p