පාසල් සපත්තු සහ බෑග් මිල පහතට

July 27, 2023

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත.

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බව මෙහිදී කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත.

t

o

p