2030 වනවිට එළවළු බීජ ආනයනය නතර කිරීමට වැඩපිළිවෙළක්

July 24, 2023

2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය, 100%කින් නතර කිරීම සඳහා සහ මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගොවීන්ට ගෙවීමට සිදුවන නිසාත් , එළවළු වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට නොහැකි වීම නිසාත් මෙරට වගාවට අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

t

o

p