උද්ධමනය පහළට

July 21, 2023

ජුනි මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ ශ්‍රී ලංකා උද්ධමනය 10.8%ක් ලෙස වාර්තා වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව, මෙය 2023 මැයි මාසයේදී වාර්තා වූ 22.1% ක උද්ධමනය හා සැසඳීමේ දී සැලකිය යුතු පහළ යාමක්.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති 15.8% සිට ජුනි මාසයේදී 2.5% දක්වා පහත වැටී තිබේ.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ 27.6% සිට ජුනි මාසයේදී 18.3% දක්වා අඩු වී තිබේ.

මේ අතර මෙම මාසය අවසන් වන විට මෙරට උද්ධමනය සියයට හතක තනි ඉලක්කමක් දක්වා අඩුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එමෙන්ම ඊයේ සම්මත වු මහ බැංකු පනත තුළින් තවදුරටත් ස්වාධීනව තීරණ ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව තහවුරු වී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ඉක්මන්වනු ඇති බවයි ඔහු පෙන්වා දෙයි.

t

o

p