සා.පෙළ ප්‍රතිඵල එනතෙක් පාසලේ මාස 3ක වෘත්තීය පාඨමාලා

July 18, 2023

සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක කාලය තුළදී දරුවන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උසස් පෙළ හැදෑරීමක් සිදු නොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරක්ෂිතතාවක් ලබා ගත හැකි බව ද ඇමැතිවරයා පැවසුවේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

t

o

p