රට ගොඩගන්න ජනපතිට සියලු දෙනා සහයෝගය ලබා දිය යුතුයි

July 18, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගැනීමට ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාම සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති කෝට්ටේ බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී කාරියවසම් මහතා මෙසේ ද කීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වගේම එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය පිළිබඳව ජනතාවට විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදයේ රට ව්‍යසනයකට ඇදවැටෙන මොහොතේදී, පෙට්‍රල් ඩීසල් නැතුව ජනතාව මහ පාරේ ප්‍රශ්න ඔළුවේ පුරවාගෙන මිරිකිලා ඉන්නකොට කිසිවෙක් මේ රට භාර ගන්නට ඉදිරිපත් නොවෙද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව භාර අරගෙන ජනාධිපති ධුරය භාර අරගෙන මේ රටට අඳුරෙන් එළියට අරගෙන යනවා. බොහෝ අය කල්පනා කළේ මේ රට ඉදිරියට අරගෙන යෑමට හැකියාවක් නැති වෙයි කියලයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය, මතවාදය, වැඩපිළිවෙළ ජයග්‍රහණය කරලා තිබෙනවා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයට අපි හැමෝම එකතු විය යුතුයි. ඊළඟ පුළුල් බලවේගයේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීමයි අපිට අවශ්‍ය වන්නේ. මේ යන වැඩපිළිවෙළ තුළ මේ නායකයන් සියලු දෙනා පෙළගස්වමින් ඉදිරියට රැගෙන යෑමයි. ජනතාව කල්පනා කරනවා කාටද මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා. ලෝකෙත් එක්ක ඉදිරියට ගිහිල්ලා, මේ රට ලෝකෙ ඉදිරියට ගෙනයන්නට පුළුවන් නායකයා කවුද කියලා මේ රටේ ජනතාව කල්පනා කරනවා. පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජනතාව ඊළඟට ඡන්දය පාවිච්චි කරන්නේ. දැන් හැම පුරවැසියෙක්ම මේ රට ගොඩනඟන දැක්ම, මතවාදය සහ බලවේගය එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන බව විශ්වාස කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, – වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීලා අදට හරියටම අවුරුද්දක් ගෙවෙනවා. රටේ තිබුණු තත්ත්වයත් එක්ක මේ රටේ බොහෝ දෙනාට අනාගතය පිළිබඳව විශ්වාසය කඩා වැටිලා තිබුණා. දෛනික රැකියාවක් කරලා ජීවිකාව කර ගන්නට බැරිව, තමන්ගේ ව්‍යාපාරයෙන් ආදායමක් ලැබේ කියල හිතන්නට බැරි කාලයක් අපි පසු කළා. පාසලෙන් පිටවෙන බොහෝ දරුවෝ තමන්ගේ අනාගතය ගැන සිහින මවාගෙන හිටියා. ඇති වුණු ආර්ථික අර්බුදයත් එක්ක මුදල් එකතු කරලා දරුවන්ව අපි විදේශගත කරන්න සැලසුම් කරගෙන තිබුණා. රුපියලේ අගය බාල්දු වෙනකොට එහි සියලු බලාපොරොත්තු නැති වෙලා ගියා. තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගන්නට බැරි කාලයක් අපි පසු කළා. රටක් වශයෙන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගන්නට බැරි කාලයක් උදා වුණා. ඒ මොහොතේදී වර්තමාන ජනාධිපතිතුමා කිසිවෙක් ඉදිරිපත් නොවන මොහොතක මේ රටේ වගකීම භාර ගත්තා.

t

o

p