ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට

July 13, 2023

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.

එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ය.

2023 වසරේ මේ වනවිට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් බෙදා හැර ඇත. මේ වනවිට ත්‍රිපෝෂ දෙනු ලබන්නේ, ගර්භණී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට බව ත්‍රිපෝෂ සමාගම පවසයි.

t

o

p