මිනිස් ජාවාරම් නැවතීමට ඔස්ට්‍රේලියාවෙන් අත හිත

July 11, 2023

ඕස්ට්‍රේලියානු දේශ සීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේ දී ඊයේ පැවැත්වී තිබේ.

මෙම නිල හමුවේ දී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත සිදු කෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකාය විසින් සිදුකරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් සහ ඒ සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක් සිදු විය.

එම නිල හමුවීම සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

t

o

p