මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්ර අලුත් නොකිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන්.
ඒ අනුව, අදාළ ආයතනවලට තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරත වීමට අවසර නොමැති බවත් එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදී ගැනිම , විකිණිම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධි විධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් මහජනතාවට දැනුම් දෙන බවයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
මුදල් හුවමාරු බලපත්ර අත්හිටුවා ඇති අදාළ ආයතන ලැයිස්තුව පහතින්