රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (Department of Government Information) නිල ෆේස්බුක් පිටුව ඊයේ (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්රහණයට පත්ව ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
රජයේ නිල තොරතුරු හා ප්රවෘත්ති මෙම නිල ෆේස්බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතියි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුව ප්රකාශ කරන බව හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.