සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

June 30, 2023

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව අද(30) පැවැත්වෙයි.

මූලික වටයේ B කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට පිවිසියේ සහභාගී වූ සියලුම තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ය.

නෙදර්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට එක් වුණේ මූලික වටයේ A කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් ය.

අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12. 30ට ආරම්භ වීමට නියමිතයි.

t

o

p