2023 ලෝක කුසලානයේ තරග කාලසටහන නිල වශයෙන් නිවේදනය කෙරේ

June 29, 2023

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් (27දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.

මෙවර ලෝක කුසලානය ආරම්භයට දින 100ක් ඉතිරිව තිබියදී මෙලෙස එහි තරග කාලසටහන එළිදැක්වීමට අයි.සී.සී.ය කටයුතු කර තිබූ අතර, මෙවර ලෝක කුසලානය එළැඹෙන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. එහිදී පසුගියවර ශුරයින් වූ එංගලන්තයත්, අනුශූරයින් වූ නවසීලන්තයත් සමාරම්භක තරගයේදී තරග බිමට පිවිසෙනු ඇත.

ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා එංගලන්ත – නවසීලන්ත තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

t

o

p