ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

June 29, 2023

අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී ඇත.

එම අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලෙන් ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාද වෙන්කර ඇත.

මෙම වසරේ පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය බවද සදහන් කරයි.

t

o

p