ශ්‍රීලනිප බස්නාහිර ගුරු නියෝජිත සමුළුව ඉහළින්ම

December 22, 2014

WP teachers meeting

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් ගුරු සංගමයේ බස්නාහිර පළාත් නියෝජිත සම්මේලනය එහි කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි නියෝජිතයින් 900කගේ සහභාගිත්වයෙන් සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (22) ඉහළින්ම පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක රාජපක්ෂ මහතා කියා සිටියේ ජාතිය සහ දේශය පිළිබඳව හැඟීමකින් යුතුව ලාංකේය දරුවන් ලොව සෙසු දරුවන් සමඟ කරට කර සිටින සේ ඔසවා තැබීමට ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට ගුරු සංගමය දෙන සහය ඉහළින්ම අගය කරන බවය. වසර 2005 ජනවරමින් 30 වසරක යුද්ධය නිමාකිරීමටද වසර 2010 ජනවරමින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ සිසු දරුවන් ලක්ෂ 14ක් පාසල් 1269ක් තුළ අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා සිටින ගුරුවරුන් ගණන 43,000කි. ඉන් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සංවිධානයේ සාමාජිකයින් බව නිදහස් ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළාය. මෙහිදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, නිදහස් ගුරු සංගමයේ විධායක සභික බුද්ධික අත්තනායක යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු ආරාධිතයියෝ රැසක් සහභාගි වූහ.

WP teachers meeting 22.12

The Editor

Previous story Next story

Leave a comment

t

o

p