ශිෂ්‍යත්වය පැවැත්වෙන දවස

June 22, 2023

මෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේය.

එම විභාගයට ජුලි 06 දක්වා අයදුම්පත් භාරගන්නා බවත් ජූලි මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු මාර්ගගත ප්‍රවේශය ද වසා දමන බවත් ඒ මහතා සඳහන් කරයි.

කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන්ය. අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p