දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ප්‍රදේශ හතරකට ධාවනය ආරම්භ කර තිබේ.
එම බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් කොන්දොස්තරවරුන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම නව ක්‍රමය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, ඇඹිලිපිටිය සහ තංගල්ල දක්වා ගමන් ගන්නා බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ගමන් කිරීමට නියමිතයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කොන්දොස්තරවරුන් විසින් බස් ටිකට්පත් නිකුත් කරනු ලබන අතර ඉන් අනතුරුව බස් රථය රියදුරෙකු සමඟ පමණක් පිටත් වනු ඇති.